නත්තල් උත්සවය

1:38 AM chithra potha 0 Comments



• 'නතාල'නැමති පෘතුගීසි වචනයෙන් බිඳි ආ නත්තල යන වචනයෙන් ' උපත' යන අර්ථය ලබා
දේ.
• ලතින් භාෂාවෙන් ද 'නතාලිස්' යන්නෙහි අර්ථය 'උපත' වේ.
• ලෝකය පුරා විසිරී සිටින ක්‍රිස්තියානි බැතිමත්හු ෙජ්සු බිළිඳාගේ උපන් දින නත්තල ලෙසින්
උත්සවාකාරයෙන් සමරති.
• ෙජ්සුස් වහන්සේ යනු මනුෂ්‍යත්වය ලබාගත් දේව පුත්‍රයා වේ.
• නත්තල් උත්සවයේදී සමරනු ලබන්නේ ෙජ්සුස් වහනසේගේ මෙම මනුෂ්‍යයකු ලෙස ඉපදීමයි.
• ෙජ්සුස් වහන්සේ සාමයේ කුමාරයාණන් ලෙස සලකනු ලැබේ.
• ෙජ්සුතුමාගේ මව මරියතුමිය වන අතර උන්වහන්සේ සුරැකි පියා ජුසේතුමාණන් වේ.
• දෙසැම්බර් මස 24 වන දින මධ්‍යම රාත්‍රියේ ජේසු කුමරුන් උපන් බවට පිළිගැනේ.
• ජන සංගණනයකට සහභාගි වීම සඳහා 'ඛෙත්ලෙහෙමට' පැමිණි අවස්ථාවේ ගවලෙනක් තුළ
දී ජේසු  බිළිඳාගේ උත්පත්තිය සිදු වූ බව පිළිගැනේ.
• ක්‍රිස්තුස් වහන්සේ විසින් සිදුකරනු ලැබූ දේශනා හා උන්වහන්සේගේ ප්‍රාතිහාර්යයක් ද සබත්
දිනය නීති රීති කැඩීම හේතුකොටගෙන ජුදා නායකයින් උන්වහන්සේට විරුද්ධව නැගී
සිටියෝ ය.
• එම හේතූන් මුලකොටගෙන උන්වහන්සේ කුරුසියේ එල්ලා මරා දැමූහ.
• සෑම වසරකම දෙසැම්බර් මස 24 වන දින මධ්‍යම රාත්‍රියේ ද දේවස්ථානයට රැස්වන කිතුනු
බැතිමත්හු නත්තල හෙවත් ෙජ්සු උපත උත්සවාකාරයෙන් පවත්වයි.
• එදින දුගී ජනතාවට ආහාරපාන, ඇඳුම් පැලඳුම් දීම මෙන් ම තෑගි බෝග ඛෙදා දීම ද සිදු
කරනු ලබයි.
• කිතුනු බැතිමත්හු නත්තලට දින ගණනාවකට පෙර එම මංගල්‍යයට සැරසෙන අතර දේවස්ථානය
හා නිවෙස් සැරසීම, ගවලෙන් සැදීම හා නත්තල් ගස් අලංකරණය කිරීම ආදිය සිදුකරනු ලබති.
• එදින අලූත් ඇඳුම් පැලඳුම්වලින් සැරසීම මෙන් ම ප්‍රනීත ආහාරපාන පිළියෙල කිරීම ද ඔවුන්ගේ
චාරිත්‍රයක් වේ.
• නත්තල් සුබපැතුම්පත් හුවමාරු කර ගැනීම විශේෂ සිද්ධියක්වන අතර නත්තල් සීයා කුඩා
දරුවන්ගේ ප්‍රියජනක බලාපොරොත්තුවක් වේ.
• නත්තල් කැරොල් ගී, නත්තල් නාට්‍ය හා නත්තල ආශ්‍රිත චිත්‍රපට දර්ශන මෙම උත්සව කාලයේ
දක්නට ලැඛෙන විශේෂාංග වෙයි.
• දුප්පතුන් සඳහා දාන මාන දීම මෙන් ම කුඩා දරුවන් වෙනුවෙන් තෑගි බෝග හා ඇඳුම් පැලඳුම්
ඛෙදා දීම ද නත්තල් දිනයේ දී පවත්නා සුවිශේෂ චාරිත්‍ර වේ.
• ජේසුස් වහන්සේගේ සාමයේ පණිවුඩය ලෝකවාසී සියලූ දෙනා විසින් අගය කළ යුතු බව

පිළිගැනීමට ලක් වෙයි.

0 comments: